• Latest News

    Powered by Blogger.
    Wednesday, January 14, 2015

    උදය ගම්මන්පිලටත් මරණ තර්ජනයක්

    පිවිතුරු හෙළ උරුමය අතහැර රටින් පිට නොවුණොත් දරුවන් සමඟ පවුලේ සියලුම දෙනා මරා දමන බවට තමන්ටත්, තම බිරියටත් දුරකතනයෙන් මරණීය තර්ජන එල්ලවන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා බොරැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
    071 4437681 යන දුරකතන අංකයෙන් තමන්ටත් 071 7172896 යන දුරකතන අංකයෙන් තම බිරියටත් මරණීය තර්ජන කරමින් ඇමැතුම් ලැබුණු බව ගම්මන්පිල මහතා පවසයි.
    තමන්ගේ පවුලේ සාමාජිකයන් දැනටමත් රටින් පිටකර ඇති බවටත්, ජනවාරි 8දා රාත්‍රියේ තමන්ද රටින් පිට වූයේ යැයි අන්තර්ජාලය මඟින් ප්‍රචාරය කළ පුද්ගලයන්, ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුත් තමන් තවදුරටත් රටේ සිටීම හා දේශපාලනයේ ක්‍රියාකාරීව රැඳී සිටීම ප්‍රශ්නයක් කරගෙන තිබෙන බව මෙම තර්ජනවලින් පෙනෙන්නේ යැයිද ගම්මන්පිල මහතා පවසයි.
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: උදය ගම්මන්පිලටත් මරණ තර්ජනයක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top