• Latest News

    Powered by Blogger.
    Wednesday, January 14, 2015

    ශ්‍රීලනිප සභාපතිධූරය මෛත්‍රීට!



    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබේ. 

    ඊයේ රාත්‍රී කථානායක නිල නිවසේ පැවති විශේෂ සාකච්ජාවකදී මෙම එකඟතාව පළ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. 

    එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය ලබාදීමට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර ඇත. 

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව අද දිනයේ රැස්වී මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට ද තීරණය වී ඇති බව වාර්තා වේ. 
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: ශ්‍රීලනිප සභාපතිධූරය මෛත්‍රීට! Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top