• Latest News

    Powered by Blogger.
    Thursday, January 15, 2015

    ජනවාරි 26 වැනිදා උල්කාපාතයක් පොළොව සමීපයෙන් යයි.

    මීටර් 500 ක පමණ විශ්කම්භයකින් යුත්, දැවැන්ත උල්කාවක් ජනවාරි 26 වැනිදා පෘථිවිය සමීපයෙන් ගමන් කරන බව ඇමෙරිකානු නාසා ආයතනය පවසනවා. 2007 වසරෙන් පසු පෘථිවියට වඩාත්ම සමීපව ගමන් කරන උල්කාපාතය එයයි. කෙසේ නමුත්, පෘථිවියට සමීපතම අවස්ථාවේදී එය මහපොළොවේ සිට කිලෝමීටර් මිලියන 1 යි දශම 2 ක් එනම්, පෘථිවිය මෙන් තුන් ගුණයක් ඈතින් ගමන් කරනු ඇතැයි අපේක්ෂිතයි. තවත් වසර 200 ක් යනතුරු උල්කාපාතයක් පෘථිවියට මේ තරම් සමීපයෙන් ගමන් නොකරනු ඇති බව නාසා විද්‍යාඥයන්ගේ අදහසයි. මෙම උල්කාපාතයෙන් පෘථිවිය වටා ඇති කෘතිම ආකාශ වස්තූන්ට හානියක් සිදු නොවනු ඇති.
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: ජනවාරි 26 වැනිදා උල්කාපාතයක් පොළොව සමීපයෙන් යයි. Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top