ඌව පළාත් සභාවේ මෙන්ම දකුණු පළාත් සභාවේ බලයද ගැනීමට කටයුතු කරන බව දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක එස්. තෙන්නකෝන් නිලමේ මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (15) පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දකුණු පළාත් සභාවේ විපක්ෂ නායකවරයා.
"අපේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ සාධාරණ යුක්තිගරුක සමාජයක්. අලුත් රටක්. අලුත් පාලනයක්. අතිගරු වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත් නව සංකල්පය යටතේ මේ රටේ එකාධිපති දුෂිත පවුල් වාදය අවසන් කළා.
ඒ සමගම ඌව පළාත්සභාවේ බල පෙරළියක් සිදුකොට හරින් ප්‍රනාන්දු මහතා බලය ස්ථාපිත කළා. දකුණු පළාත් සභාව තුළත් වෙනසක් කරන්නේ නැද්ද කියලා දකුණේ ජනතාව අහනවා දැනට දකුණු පළාත් සබාවේ විපක්ෂ නායකවරයා හැටියට මමත් අපගේ කණ්ඩායමේ ගරු මන්ත්‍රී තුමල්ලත් දැනට සාකච්ඡා කරමින් පවතිනවා.
දකුණු පළාත් සභාවේ මේ දුෂිත පාලනය අවසන් කරලා මෛත්‍රී පාලනයක් යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත් ආශිර්වාදයෙන් දකුණු පළාත් සභාවේ කණ්ඩායම් නායකයින්ගේත් ආශීර්වාදය මත දකුණු පළාත් සභාවේ දුෂිත පාලනය ඉතාමත් කෙටි කාලයකින් පෙරළලා නව මෛත්‍රී පාලනයක් දකුණේ ඇති කරන බව.
විශේෂයෙන්ම දකුණේ සිදුවන විශාල මුදල් නාස්තිය නතර කරලා ජනතාවට සහන සලසන වැඩපිළිවෙළක් අපි හදනවා .ඒවගේම සංවර්ධනය අපි අනිවාර්යයෙන්ම සිදුකරනවා නමුත් සංවර්ධනය මුවාවෙන් සිදුකරන දූෂිත ක්‍රියා අපි අනිවාර්යයෙන්ම නතර කරනවා."

0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment