• Latest News

    Powered by Blogger.
    Wednesday, January 14, 2015

    මෛත්‍රි-මහින්ද හමුවක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර වැඩිදුරටත් සාකච්ඡා පැවැත්විය යුතු බවට එකඟතාව පළවී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    එමෙන්ම නව ජනාධිපතිතුමන්ගේ දින 100 වැඩපිළිවෙළ යටතේ ගැබ්ව ඇති සියලු ප්‍රගතිශීලී යෝජනා ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ. ජනාධිපතිවරණයෙන් පසුව රට පුරා ඇතිවූ මැතිවරණ ප්‍රචණ්ඩත්වය නිසා ජීවිත හානි සහ දේපළ හානි සිදුව ඇති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සහන සැලැසීමටත් රටේ නීතිය හා යුක්තිය ස්ථාපනය කරන ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කළ බව එම නිවේදනයේ දැක්වේ.
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: මෛත්‍රි-මහින්ද හමුවක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top