• Latest News

    Powered by Blogger.
    Tuesday, January 13, 2015

    අළුත් ආණ්ඩුවේ ආර්ථීක ප්‍රතිපත්තිය පැහැදිලි මදී -මූඩීස්



    ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ ණය ඇගයුම (credit worthiness) තීරණය වන්නේ නව රජය විසින් ඉදිරියේදී පවත්වාගෙන යාමට සමත්වන ආර්ථික වර්ධනය සහ රාජ්‍ය ණය කළමනාකරණය කර ගැනීමේ හැකියාව අනුව යැයි ප්‍රකට ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන මූඩීස් (Moody’s a rating agency) සඳහන් කර තිබේ.

    නව ජනාධිපතිවරයා බලයට පැමිණ තිබෙන්නේ යහපාලන ප්‍රතිසංස්කරණ ඇතිකිරීම, වංචාව හා දූෂණය වැලැක්වීම සහ ජන වර්ග අතර සාමය සහ සමගිය වර්ධනය කිරීම යන පදනමින් වන නමුත් වර්තමාන අයවැය සහ ආයෝජන ප්‍රතිපති එලෙසම පවත්වාගෙන යනවාද ඒවා වෙනස් කරනවාද යන්න තවමත් පැහැදිලි නොමැති යැයි මූඩීස් ආයතනය අවධාරණය කර ඇත.

    මූඩීස් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත්කිරීම සහ නව රජයේ ආර්ථික ප්‍රමුඛතා පිළිබඳව පැහැදිලි අවබෝධයක් එළඹෙන දින කිහිපයේදී ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය විසින් එළඹෙන අප්‍රේල් මාසයට පෙර ව්‍යවස්ථා සංශෝධන සිදුකරනු ඇතිබව විශ්ලේෂකයින් සඳහන් කර තිබේ.

    මේ අතර, මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ හා විශ්‍රාමිකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන්නේ නම් රාජ්‍ය වියදම් වැඩිවීමේ අවධානමක් තිබෙන අතර මේ වනවිට ලංකාවේ රාජ්‍ය බදු ආදායම් වියදම් පියවා ගැනීමට කොහෙත්ම ප්‍රමාණවත් නොවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම අනතුරු හඟවා තිබේ.

    මූඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පවසා තිබෙන්නේ සිරිසේන ජනාධිපතිවරයා අතට පත්ව තිබෙන්නේ රාජ්‍ය ණය බර වැඩි වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් බවයි. (“Sri Lanka’s new president take over a fast-growing economy, but one with a large government debt burden,”

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයට (gross national product) ප්‍රතිශතයක් ලෙස සියයට 78 ක් වන අතර රජයේ ආදායම් වලින් සියයට 40 ක් වැය වන්නේ ණය සඳහා පොලී ගෙවීමටයි.

    මෙරට රාජ්‍ය ණය වලින් සියයට 43 ක් පමණ විදේශ මුදල් වලින් ලබාගෙන තිබීම නිසා ශ්‍රී ලංකාව සතුව දැඩි ණය අවධානමක් තිබේ.

    ශ්‍රී ලංකාව චීනය සමග දැවැන්ත ආයෝජන ව්‍යාපෘති වලට ගොස් තිබෙන නිසා ඒවා පිළිබඳව වත්මන් රජය යම් තීරණයක් ගතහොත් එය මෙරට ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි මූඩීස් අවධාරණය කර තිබේ.
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: අළුත් ආණ්ඩුවේ ආර්ථීක ප්‍රතිපත්තිය පැහැදිලි මදී -මූඩීස් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top