• Latest News

    Powered by Blogger.
    Tuesday, January 13, 2015

    ආණ්ඩුවට බහුතරය ලැබෙයි


    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රජයේ දින සියයේ වැඩ සටහනට මෙන්ම ඒ මහතාගේ රජයට සෘජුව සහයෝගය ලබා දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මැති ඇමැතිවරු ඇතුළු එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රි සංඛ්‍යාව ඊයේ (13දා) වන විට 114ක් විය. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිව තිබේ.
    ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මැති ඇමැතිවරුන් කණ්ඩායම.


    වෛද්‍ය රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, නවීන් දිසානායක, රවුෆ් හකීම්, දුමින්ද දිසානායක, රිෂාඩ් බදියුදීන්, බෂීර් සේගුඩාවුඩ්, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, ෆයිසර් මුස්තාපා, පී. දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන්, නන්දිමිත්‍ර ඒකනායක, අතුරලියේ රතනහිමි, රජීව විජේසිංහ, වසන්ත සේනානායක, අචල ජාගොඩ, පී. රාජදොරේ, හුනෙයිස් ෆාරුක්, අමීර් අලි, මොහොමඩ් අස්ලම්, නසන් අලි, ෆයිසල් කාසිම්, එම්.ඩබ්.එම්. හාරිස්, එම්.එස්. තවුෆික්, එම්.බී. පාරුක්.
    මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වූ පසු 11 වැනිදා රාත්‍රි දක්වා සහායට එක්වූ මන්ත්‍රි සංඛ්‍යාව
    ආචාර්ය සරත් අමුණුගම, පියසේන ගමගේ, එස්.බී. නාවින්න, අතාවුද සෙනෙවිරත්න, මිල්රෝයි ප්‍රනාන්දු, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෙජිනෝල්ඩ් කුරේ, විජිත විජයමුනි සොයිසා, ජගත් පුෂ්පකුමාර, නිල්වලා විජේසිංහ.


    පෙරේදා (12දා) සහාය ලබා දීමට එක්වූ කණ්ඩායම
    ෆීලික්ස් පෙරේරා, ආරුමුගම් තොන්ඩමාන්, දයාශි්‍රත තිසේරා, නියෝමාල් පෙරේරා, ලලිත් දිසානායක, සනත් ජයසූරිය, මුත්තු සිවලිංගම්, ඒ.ආර්.එම්. අබ්දුල් කාදර්, අරුන්දික ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, තිලංග සුමතිපාල.
    දින 100 වැඩසටහනට සහාය දීමට කැමැති වූ වාමාංශික පක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරු
    තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, චන්ද්‍රසිරි ගජධීර, වයි.ජී. පද්මසිරි.


    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට ඊයේ (13දා) පැමිණි හිටපු ඇමැතිවරයා පී. දයාරත්න
    කණ්ඩායමට අතිරේකව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දක්වන බව හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාද ප්‍රකාශ කර ඇත.
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: ආණ්ඩුවට බහුතරය ලැබෙයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top