• Latest News

    Powered by Blogger.
    Tuesday, January 13, 2015

    ඇමැතිකම් බෙදපු හැටි ගැන සුජීව සේනසිංහ කනගාටුවෙන

    තවසර 11ක සිය දේශපාලන ජීවිතයේදී ලැබුණු අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.ඒ මහතා මෙසේද කීය

    මගේ දේශපාලන ජීවිතේට අවුරුදු 11ක්. එජාපයේ මම ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයෙක්. එක අතකින් මේ ලැබුණු නියෝජ්‍ය ඇමැතිකමත් මට ලොකු දෙයක්. අවුරුදු 11ක්ම මට මුකුත්ම තිබුණේ නෑනේ. මේ තනතුරු තානාන්තර මට නුපුරුදුයි. මට දුන්න නියෝජ්‍ය ඇමැතිකම සම්බන්ධයෙන් ජනතාව කැලඹීමට පත් වුණා.
    මගෙන් සමහරු කතා කරලා ඇහුවා. ඇත්තටම මමත් මේක ලැබිලා පැය භාගයක් විතර යනකන් පොඩ්ඩක් කනගාටු වුණා. කමක් නැහැ මට දුන්නු තැන ඉඳන් මම ජනතාවට වැඩ කරනවා.


    තනතුරු දෙන අය නෙමෙයි අපේ අනාගතය තීරණය කරන්නේ මේ රටේ ජනතාව. තනතුරු තාවකාලිකයි. මේ වගේ දේවල් ගැන නායකයන්ගේ අවධානය ඉදිරියේදී යොමු වෙයි කියලා හිතනවා. මහින්දානන්දලා, විමල්ලා, එස්.බී. ලා කිව්වා ආණ්ඩුවට වැඩිපුරම පහර දුන්නේ මමයි කියලා. ඒකේ ප්‍රතිඵලය තමයි ඉතින් මේ.
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: ඇමැතිකම් බෙදපු හැටි ගැන සුජීව සේනසිංහ කනගාටුවෙන Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top