• Latest News

    Powered by Blogger.
    Monday, January 12, 2015

    බිත්තර නොදා ඉස්ගෙඩියන් බිහිකරණ ගෙම්බා



    ගෙම්බන් තම වර්ගයා බිහිකරන්නේ බිත්තර දැමීමෙන් යැයි සිතා සිටිය ද ඉස්ගෙඩියන් බිහිකිරීමෙන් වර්ගයා බෝකරන අපූරු ජීවන රටාවක් සහිත ගෙම්බකු ඉන්දුනීසියාවෙන් සොයාගැනීමට හැකි වූ බව විද්‍යාඥයෝ පිරිසක් කියති.
    මෙලෙස ඉස්ගෙඩියන් බිහිකරණ ගෙම්බකු සොයාගත හැකිවීම විද්‍යා ලෝකයට අලුත් දෙයක් බව ද ඔවුහු පෙන්වා දෙති.
    මෙම ගෙම්බන් විෂ සහිත විශේෂයකි. ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ සිටින මේ සත්ත්ව විශේෂයේ අමුතු හැසිරීම ගැන පර්යේෂණ කළ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජිම් මැක්ගයිරි පවසන්නේ තමන් අතින් අල්ලාගෙන සිටි ගැබ්බර ගැහැනු සතකු එක්වරම ඉස්ගෙඩියන් බිහිකරන බව දැකීමෙන් පුදුමයට පත්වූ බවයි.
    ලොව දැනට සොයාගෙන ඇති ගෙම්බන් විශේෂ සංඛ්‍යාව 6000ක් පමණ වේ. ඔවුන් තම වර්ගයා බෝකිරීමට බාහිර සංසේචනය සිදුකරයි. එය සිදුවන්නේ සංසර්ගය අතරතුර ගැහැනු සතුන් බිත්තර දැමීමත් පිරිමි සතුන් ඒ මතට ශුක්‍රාණු නිදහස් කිරීමත් සිදුකරයි. එමගින් බිත්තර බාහිරයේ දී සංසේචනය සිදුවෙයි.
    එසේ වුව ද වෙනස් වූ රූපාන්තරණයක් සහිත විශේෂ කිහිපයක් සිටිය ද ඔවුන්ගේ සංසර්ගය සිදුවන්නේ සාමාන්‍ය ක්‍රමවේදයක් අනුව බව ද ආචාර්ය මැක්ගුයිරේ පවසයි. අභ්‍යන්තර රූපාන්තරණයෙන් සංසේචනය කරණ ගෙම්බන් විශේෂ 10-12ක් ලෝකයෙන් වාර්තා වී ඇතත් ලොව ඉස්ගෙඩියන් ප්‍රසූත කරණු ලබන එකම ගෙඹි විශේෂය වන්නේ මොවුන් බව විද්‍යාඥයෝ පෙන්වාදෙති.
    නමුත් අරුම පුදුම රෑපාන්තරණයක් සහිත බොහොමයක් විශේෂයන්ගේ සංසර්ගය සිදුවන්නේ  පිලිගත්  ආකාරයකින් බව ආචාර්ය මැක්ගුයිරේ පවසයි. මෙහි තවත් විසඳාගත නොහැකි අභිරහසක් පවතින බව
    කෙසේ නමුත් පුරුෂ ගෙම්බන් විසින් ගැහැණු ගෙම්බන්ගේ අභ්‍යන්තරයේදී සංසේචනය සිදුකිරීම අභිරහසකි. ඊට හේතුව ගෙම්බන්තුල ශුක්‍රාණු මාරුකිරීමට ආවේණික ලිංගික අවයව නොමැති වීමයි. ප්‍රසූත කරණු ලබන ඉස්ගෙඩියෙකුගේ ප්‍රමාණය සෙන්ටි මීටර් 1.5 ක් පමණ බව ද විද්‍යාඥයෝ කියති. කෙසේ වෙතත් මේ ගෙම්බන් විශේෂය ගැන විද්‍යාඥයෝ තවමත් පර්යේෂණ සිදුකරමින් සිටිති.

    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: බිත්තර නොදා ඉස්ගෙඩියන් බිහිකරණ ගෙම්බා Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top