හෘද රෝගවලට
රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම් ඔෟෂධීය ගුණයක් මෙය සතුයි. රුධිරයේ මේද උෂ්ණත්වය අඩු කර රුධිර ගමනාගමන ක්‍රියාවලියට උත්තේජනයක්ද මින් ලබාදෙයි. ඔලිව් තෙල් දිනකට මේස හැඳී 2ක් වත් ලබා ගන්නේ නම් සිරුරේ ධමනිවල නම්‍යතාවට එය ඉවහල් වෙයි. හෘද රෝග අවදානම පාලනයටත් මෙය කදිම ඔෟෂධයක්.
ඔස්ටියෝපොරෝසිස්
ඔලිව් තෙල් නිතර ආහාරයට එක් කර ගන්නේ නම් අස්ථිවලට ඛනිජ ලවණ ආදිය පහසුවෙන්ම අවශෝෂණ කරගත හැකියි. කැල්සියම් අවශෝෂණය මේ මඟින් වැඩි වන අතරම ඔස්ටියෝපොරෝසිස් අවදානමින්ද අත්මිදිය හැකිය.දියවැඩියාව
ශරීරයට හිතකර සන්තෘප්ත මේදය ඔලිව් තෙල්වල අඩංගුයි කාබෝහයිඩේ්‍රට්, ජලයේ දියවන කෙඳී සහිත පලතුරු, එළවළු හා ධාන්‍ය වර්ගද දියවැඩියා අවදානම පාලනය කරයි. මේ අකාරයටම ඔලිව් තෙල් රුධිරගත සීනී මට්ටම පාලනය කිරීමටද උපකාරී වෙයි.සමේ නිරෝගී බවට
ඔලිව් තෙල්, ලුණු ස්වල්පයක් සමඟ මිශ්‍ර කිරීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ, ඇක්නි, බ්ලැක් හෙඩ්ස් හා වයිට් හෙඩ්ස්වලට සත්කාරයක් ඔබටම සාදා ගත හැකියි. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමේ ගුණයද එය සතුයි. ඔබට ඇත්තේ වියළි සමක් නම් මුහුණ හා හැකි නම් මුළු සිරුරට ඔලිව් තෙල් ස්වල්පයක් ගල්වා සම්බාහනය කරන්න. එමඟින් සමට තෙතමනයක් හා නිරෝගී පැහැපත් බවක් ලබා ගන්නත් හැකියාව පවතියි.හිසට හා සමට තෙතමනය
වියළි බව නිසා ඔබ තවමත් පීඩා විඳියි නම් හිසේ ඇතිවන හිස්හොරිවලටත් ඔලිව් තෙල් හොඳ විසඳුමක්. ඔලිව් තෙල් හිසේ ගල්වා ඇඟිලි තුඩු මඟින් සියුම්ව රවුම් ආකාරයට සම්බාහනය කිරීමෙන් ඔබේ හිසකෙස්වලට දිදුලන නිරෝගි බවක් ලබා ගත හැකියි. සතියකට වරක් හෝ ස්නානයට විනාඩි 30කට පෙර මෙම සත්කාරය සිදු කිරීමෙන් ඔබට වඩා හොඳ ප්‍රතිඵල අත් කර ගත හැකියි.ඇතැම් අය ඔලිව් තෙල් රත්කර හිස සම්බාහනය කිරීමට යොදා ගන්නා නමුත් මෙය වැරැදි ක්‍රියාවකි. ඉන් සිදුවන්නේ එහි අඩංගු ගුණය නැසීයෑමකි.
ශාලිකා රංගනී සමරදිවාකර(මව්බිම පුවත්පත ඇසුරෙනි )
0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment