එක්දරු පියකු වූ ඔහු මතට මෙන්ම කතට ද ලොබ බැඳි සල්ලාලයකු බවට ප‍්‍රකටය. පසුගියදා ඔහු පොලිසියට දිව ගියේ කාන්තාවක් තමාට පහර දුන් බවට පැමිණිල්ලක් කිරීමටය. කමීසය ගලවා පිට පෙන්වූ විට රත් පැහැගත් පහරවල් ද එහි විය. ‘‘ඔය ගෑනු එක්කෙනා කුකුල්ලූ හදනවා. උන් මගේ ඉඩම වනසන බව කියන්න ගියාම මට පොල්ලකින් තඩි බෑවා’’ පැමිණිල්ලේ ලියැවිණි.
විත්තිකාරිය වහාම කැඳවිය. ‘‘මගේ මහත්තය කොළඹ ඉන්නේ. දරුවො ඉස්කෝලෙ ගිහින්. එදා කුස්සියට ඇවිත් අරියාදු කරන්න හදන කොට අතට අහුවුණේ පොල්කටු හැන්ද. මම ගහපු එක ඇත්ත. ඒත් මේ පොල්කටු හැඳි මිටෙන්’’ කී ඇය බෑගයෙන් හැන්දක් අතට ගෙන ‘‘ඔය පාරවල්වලට මේක තියල බලන්න. හරියට ගැලපේවි’’ කීවාය. පැමිණිලිකරුට කට උත්තර නැති විය.
ඔහුගේ පැටිකිරිය දත් පොලිස් නිලධාරියා ‘‘ගෙවල්වල කුස්සිවලට රිංගන්නෙ නැතුව දැං ඉතිං ඔය තුවාලවලට තෙල් ටිකක් ගා ගන්නවා’’ කීවාලූ. ගාලූ පුරවරයේ ගංගා නිම්නයකින් ඇසුණු පුවතකි.
0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment