• Latest News

    Powered by Blogger.
    Sunday, January 18, 2015

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි - පොලිස් බලතල ගැන සැලකිලිමත් වෙනවා

    13 වන ව්‍යවස්ථාව ක්‍රියාවට නැගීමට‍ සියලු පාර්ශව එකඟතාවය පල කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

    නමුත් එහි ඇති පොලිස් බලතල සම්බන්ධයෙන් හා ඒවා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කරයි. 

    ඉන්දීය එන්.ඩී.ටීවී. රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ. 

    ඉන්දියාවට එරෙහිව චීනය භාවිතා කිරීමේ ක්‍රියා පිළිවෙතක් පසුගිය රජය අනුගමනය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. 

    අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ නව රජය ඉන්දියාව සහ චීනය යන අසල්වැසි රටවල් දෙක සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහතික වන බවයි. 

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය විසින් චීනයට එරෙහිව ඉන්දියාව හා ඉන්දියාවට එරෙහිව චීනය භාවිතා කිරීමට උත්සහ කළ නමුත් එය අසාර්ථක වූ බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත. 

    නව රජය චීනය ජපානය ඇතුළු සියලු රටවල් සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ඉන්දියාව සමග අතීතයේ සිට පැවත එන සබඳතා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී තිබේ. 

    ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අපරාධයක් සිදුකර ඇත්නම් ඕනෑම පුද්ගලයෙකුට දඬුවම් ලබාදීමට දේශීය අධිකරණ ක්‍රියාමාර්ග තුළින් කටයුතු කරන බව ශ්‍රී ලංකාවට එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙහිදී පවසා තිබේ
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: 13 ක්‍රියාවට නැංවීමට එකඟයි - පොලිස් බලතල ගැන සැලකිලිමත් වෙනවා Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top