තමන් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වන්නට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, කිසිදු අවස්ථාවක එම පාප කර්මයට තමන් අත නොගසන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (14) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග රිවිරට අනාවරණය කළේ ය.
ඉතිහාසයේ දී ශ්‍රීලනිපය දෙකඩ වූ සෑම අවස්ථාවකම පක්ෂ යාන්ත්‍රණය මුළුමනින්ම බිඳවැටුණු බවත්, එහි ප්‍රතිඵලය වූයේ පාක්ෂිකයන් වසර ගණනාවක් පුරා අසරණ තත්ත්වයට පත් වීම බවත් මෙහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මෙසේ ප්‍රකාශ කර ඇත්තේ පෙරේදා (14) රාත්‍රියේ කථානායක නිල නිවාසයේ දී එම දෙපළ අතර පැවති හමුවේදීය.
පක්ෂයේ බෙදීමකට ඉඩ නොතබා පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ සභාපතිත්වයට පත් වීම සුදුසු විසඳුම බවද මෙහිදී එම දෙපළ එකඟතාවකට පැමිණ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ පිළිබඳ පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇතැයිද එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ය.
ඒ අනුව අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ තහනම ඉවත් කර ජනාධිපතිවරයා නව සභාපතිවරයා වශයෙන් පත් කර ගැනීමට නියමිතව තිබෙන බවද එම ආරංචි මාර්ග පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ පාර්ලිමේන්තු කණ්ඩායම් ද ඇතුළත් සියලු නියෝජිතයින් අද (16) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
හිටපු ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති වූ මෙම හමුවේදී කථානායක චමල් රාජපක්ෂ මහතා තවදුරටත් කථානායක ධුරයේ තබා ගැනීමටත්, ඌව පළාත් සභාව නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලය හිමි පළාත් සභාවල බල පෙරළියකින් තොරව ඒ අයුරින්ම පවත්වාගෙන යාමටත්, නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා නොහරින්නටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයේ වෙනසක් ඇති කිරීම සම්බන්ධවත් මෙහිදී එකඟතාවක් ඇති කරගෙන ඇතැයි මෙම ආරංචි මාර්ග පවසයි.
අද (16) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන විශේෂ හමුවේදී මේ සම්බන්ධ තීරණ නිල වශයෙන් ගැනීමට නියමිතය.
මෙම විශේෂ හමුවට සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, චමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන් කීප දෙනකු සහභාගි වී තිබේ.
පක්ෂයට තමන්ගේ සහාය ඕනෑම අවස්ථාවකදී ලබා දීමට තමන් සූදානම් බව ද ජනාධිපතිවරයා සමග තිබූ හමුවේදී හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙසත්, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා නැගෙනහිර හිටපු මහ ඇමැති පිල්ලෙයාන් මහත්වරුන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතු කොටගෙන මේ දිනවල ශ්‍රීලනිප පාක්ෂිකයන්ට එල්ලවන පහරදීම් වහාම වැළැක්වීමට නොපමාව පියවර ගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දන්වා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment