• Latest News

    Powered by Blogger.
    Friday, November 14, 2014

    ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා ඇරයුම්


    ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා ඇරයුම් ලැබී තිබේ.


    ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, The Definition of Fear නමැති බ්‍රිතාන්‍ය චිත්‍රපටය සඳහා එලෙස ඇයට ආරාධනා ලැබී ඇති බව ය.

    තමන් රඟපෑ බොලිවුඩ් චිත්‍රපට නැරඹීමෙන් පසුව එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගෙන් තමන්ට ඇරයුම් ලැබුණු බව ජැක්ලින් පවසා තිබේ.

    ඇය සඳහන් කළේ, බොලිවුඩ් චිත්‍රපට කෙරෙහි බටහිර රටවල විශේෂ අවධානයක් පවතින බව ය.

    සල්මන් ඛාන් සමග රඟපෑ Kick චිත්‍රපටයේ සාර්ථකත්වය ඊට බොහෝ දුරට බලපාන්නට ඇතැයි ඇගේ විශ්වාසය යි.

    ඇය ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතය සඳහා තමන්ට ඇරයුම් ලැබීම ඇදහිය නොහැකි තරම් සතුටට කරුණක් බව ය.

    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා ඇරයුම් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top