• Latest News

    Powered by Blogger.
    Tuesday, September 23, 2014

    නව තනතුරින් පසු සජිත් ප්‍රේමදාස මාධ්‍ය අමතා සිදු කළ ප්‍රකාශය (VIDEO)

    නව තනතුරින් පසු සජිත් ප්‍රේමදාස මාධ්‍ය අමතා සිදු කළ ප්‍රකාශය (VIDEO)

    එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ තනතුරු රැසක් වෙනස් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අද එකඟතාවය පළ කළේ ය.


    ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේ, පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ද උප නායකයා ලෙස රවී කරුණානායක මහතා ද පත් කිරීමට ය.

    එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පැවැත්වුණේ, පක්ෂයේ නායක සහ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    එහිදී පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කළ යුතු යැයි රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.

    ඊට විරෝධතාවක් පළ නොවූ අතර ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක ධුරයට පත්කළ යුතු බවට කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

    පක්ෂයේ නව උපනායකයා ලෙස රවී කරුණානායක මහතා පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කළේ ය.

    නියෝජ්‍ය මහලේකම් ධුරයට පත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ය.

    එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කළේ ය.


    ඊට අමතරව රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජ්‍යෙෂ්ඨ උප සභාපති වරයා ලෙසත්,තලතා අතුකොරල මහත්මිය මැතිවරණ කටයුතු ලේකම් ලෙසත් පත්කිරීමට තීරණය වී තිබේ.
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: නව තනතුරින් පසු සජිත් ප්‍රේමදාස මාධ්‍ය අමතා සිදු කළ ප්‍රකාශය (VIDEO) Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top