Facebook භාවිත කරන්නන්ගෙන් මාසික ගාස්තුවක් අය කරයි ද? Facebook සමාගම අදහස් දක්වයි
මේ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති පුවත් වෙබ් අඩවිවල දැක්වෙන්නේ, Facebook සමාගම එය භාවිත කරන්නන්ගෙන් කිසිදු ගාස්තුවක් අය කිරීමට තීරණයක් ගෙන නොමැති බව ය.
මීට පෙර පළවූ වාර්තාවල සඳහන් වූයේ, නොවැම්බර් 1 වන දා සිට සෑම Facebook සාමාජිකයෙකුගෙන් ම මාසිකව අමෙරිකානු ඩොලර් 2.99ක ගාස්තුවක් අය කිරීමට එම සමාගම තීරණය කර ඇති බව ය.
ඔවුන් එම පුවත පළ කර තිබුණේ, Facebook ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්ගේ උපුටා දැක්වීම් ද සමගිනි.
මාසික ගාස්තුවක් අය නොකළහොත් Facebook වෙබ් අඩවිය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි එම උපුටා දැක්වීම්වල සඳහන් විය.
එහෙත්, එම උපුටා දැක්වීම් ගොතන ලද ඒවා බව Facebook සමාගම නිවේදනය කර තිබේ.
0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment