• Latest News

    Powered by Blogger.
    Monday, September 22, 2014

    IMF අපට යළිත් අනතුරු හඟවයි


    IMF අපට යළිත් අනතුරු හඟවයි

    සිය බදු පරිපාලන කටයුතු ශක්තිමත් කිරීමට ලංකාව තවදුරටත් අපොහොසත් වන්නේ නම් රාජ්‍ය ආදායම් අඩුවී එය ආර්ථික වර්ධනයට අඩුවීමට හේතුවක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු හඟවා තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
    අරමුදල විසින් 2009 වසරේදී ලංකාවට ඩොලර් බිලියන 2.6 ක ණය මුදල ප්‍රදානය කළදා පටන් අවධාරණය කළේ බදු ව්‍යුහය පුළුල් කරමින් රාජ්‍ය ආදායම වැඩිකර ගන්නා ලෙසත් බදු සහන ලබාදීම් අඩුකරන ලෙසයි.
    කෙසේවෙතත්, ලංකාවේ බදු ආදායම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අඛණ්ඩවම අඩුවෙමින් තිබේ. 2008 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 13.3 ක්වූ මෙරට බදු ආදායම පසුගිය වසර වනවිට සියයට 11.6 ක් දක්වා අඩුවී ඇත.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික වාර්තාවේ සඳහන් කර තිබෙන්නේ 2014 වසරේදී සියයට 5.2 ක අයවැය හිඟයක් පවත්වා ගැනීමේ ලංකාවේ ඉලක්කය මේ නිසා අභියෝගාත්මක එකක් බවයි.
    බදු ආදායම් අඩුවීම මෙරට ප්‍රාග්ධන වියදම් වැඩි කිරීමට බාධාවක් බවත් එය දිගු කාලීන ආර්ථික වර්ධනයට බාධාවක් බවත් සඳහන්ය
    .
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: IMF අපට යළිත් අනතුරු හඟවයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top