අත්හදා බැලීමේ චීන අභ්‍යවකාශ යානයක් චන්ද්‍රයා වටා ගමන් කිරීමෙන් පසු සාර්ථකව යළි පෘථිවියට පැමිණ තිබේ.
දින 08 ක අභ්‍යවකාශ චාරිකාවකින් පසු මෙම අභ්‍යවකාශ යානය අද අලුයම චාරිකාව නිම කළ අතර මෙම යානය අත්හදා බැලීමක් ලෙස චන්ද්‍රයා වෙත යවනු ලැබුවේ, 2017 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත චීන චන්ද්‍ර ගවේශන මෙහෙයුමට පූර්වගාමීව ය.
චන්ද්‍රයා වෙත අභ්‍යාවකාශ යානයක් යවා පෘථීවිය වෙත චන්ද්‍රයාගේ පස් සාම්පල ගෙන්වා ගැනීම චිනයේ සැලැස්ම වී තිබේ.
චීනයේ මෙම අත්හදා බැලීමේ අභ්‍යවකාශ යානය දශක 4කට පසු චන්ද්‍රයා වටා ගමන් ගෙන යළි පෘථිවිය වෙත පැමිණි පළමු යානය ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment