• Latest News

    Powered by Blogger.
    Monday, September 22, 2014

    මෙන්න! ODEL හි, අළුත්ම පෙරළිය


    මෙන්න! ODEL හි, අළුත්ම පෙරළිය

    මේ අනුව, අද (22) සිට බලපැවැත්වෙන පරිදි ඔඩෙල් හි, සභාපතිවරයා මෙන්ම විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ රුචී හර්බට් ගුණවර්ධන මහතා ඉවත්ව තිබෙන අතර සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා වන අශෝක කාරියවසම් පතිරගේ මහතා ඔඩෙල්හි, විධායක අධ්‍යක්ෂවරයා මෙන්ම සභාපතිවරයා ලෙස පත්කර ඇත.
    මීට අමතරව, ආචාර්ය සිවකුමාර් සෙල්ලයියා මහතා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද, හරේෂ් කුමාර් කයිමාල් මහතා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද අද (22) සිට පත්කර තිබේ.
    ඔටාරා, අජිට් හා රුචී යන සහෝදර ත්‍රිත්වයෙන් රුපියල් බිලියන 2.7 කට කොටස් මිලදීගත් සොෆ්ට්ලොජික් සමූහය සතුව මේ වනවිට ඔඩෙල් හි තිබෙන කොටස් ප්‍රමාණය සියයට 44.5 කි.
    2012 ජූලි මාසයේදී මැලේසියාවේ Parkson Retail Asia Ltd සමාගම ඔඩෙල් හි, කොටස් මිලදී ගනිමින් සමාගමට ඇතුළු වන අතර මේ වනවිට ඔඩෙල් සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය හෙවත් සියයට 47.46 කට හිමිකම් කියන්නේ එම සමාගමයි. මෙම සමාගමට හිමි කොටස් ප්‍රමාණය වෙනුවෙන් ඔඩෙල් අධ්‍යක්ෂ මණ්ඩලයට මැලේසියානු සමාගම විසින් අධ්‍යක්ෂවරු තිදෙනෙකු මේ වනවිට පත්කර තිබේ.
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: මෙන්න! ODEL හි, අළුත්ම පෙරළිය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top