බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාරහිමියන්නව ඊයේ දහවල් 1ට රහස් පොලීසියට ගෙන්වා පසුගිය 15 වෙනි දින අලුත්ගමදී පවත්වන ලද කතාව සහ සිදුවීම පිළිබඳව ප්‍රශ්න කර ඇත .මීට අමතරව සිංහල රාවය සංවිධානයේ අක්මීමන දයාරත්න හිමියන්ගෙන්ද පසුගිය 30 දා රහස් පොලීසිය ප්‍රශ්න කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබේ.එදින පවත්වන ලද රැස්වීම්වලදී අදහස් දැක්වූ අනෙකුත් කථිකයන්ගෙන්ද රහස් පොලිසිය ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
අලුත්ගම සිද්ධිවලට අදාළව පසුගිය ජුනි 15 වැනි දින සිට මේ දක්වා කාලයේදී පුද්ගලයන් 115 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් 88 දෙනකු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, 25 දෙනකු පොලිස් ඇපමත මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
තවත් සැකකරුවන් 4 දෙනකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඔවුන් පොලිසිය භාරයේ සිටින බවද ඔහු සඳහන් කෙළේය.
අලුත්ගම ප්‍රදේශයේදී සිදු වූ සිද්ධිවලට අදාළ විමර්ශන තවදුරටත් සිදු කරගෙන යනු ලබන අතර, රහස් පොලිසිය හා අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අනෙකුත් විමර්ශන අංශ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment