මිනිසුන් ගුවන් මගින් විවිධ දේ හොර රහසේ ගෙන යන බව ඔබ දන්නවා ඇති.එත් ඔබ අසා තිබෙනවාද කලිසම අස්සේ පැනි කුරුල්ලෝ 66 දෙනෙක් සඟවා ගෙන රටින් පැනීමට හදපු පුද්ගලයෙක් ගැන.ඔව් මේ අමුතු සිද්දිය වාර්තා වෙන්නේ කියුබානු රේගු දෙපාර්තමේන්තුවෙන්.
කියුබාවෙ අග්‍රොමොන්ටේ ගුවන්තොටුපොළෙන් ගුවන් ගත වීමට යන රේගු නිලධාරින් පරීක්ෂා කරන අවස්ථාවේ දී මොහු කියා ඇත්තේ තම මුනුබුරාට කලිසම අස්සේ පරවියෙකු රැගෙන යන බවයි.පසුව රේගු නිලධාරින් ඔහුව පරීක්ෂා කරන විට ඔහුගේ කලිසමේ පැනි කුරුල්ලන් 66 දෙනෙක් හෙලවීමට නොහැකි වන ලෙස අලවා තිබි ඇත.කෙසේ වෙතත් ඔහුව අත්අඩංගුවට ගන්නා විටත් කුරුල්ලන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ
0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment