• Latest News

    Powered by Blogger.
    Friday, May 30, 2014

    16 හැවිරිදි දැරියක ගණිකා සේවයේ යෙදවූ කතක් සහ ත්‍රිරෝද රථ රියැදුරෙක් කොටුවෙයි


    ත්‍රිරෝද රථ රියැදුරෙකු සහ ගල්කිස්ස ප්‍රදේශයේ කාන්තාවක් විසින් බාලවයස්කාර දැරියක් ගණිකා සේවයේ යෙදවූ බවට සැකපිට ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙලෙස අපයෝජනයට ලකුණු ඇත්තේ 16 හැවිරිදි දැරියක් බව ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කරයි

    මෙම දැරිය 23 හැවිරිදි අදාළ ත්‍රිරෝද රථයැදුරා සමග පවත්වගෙන ගොස් ඇති  ප්‍රේම සබඳතාවක් දුරදිග යාම නිසා අදාළ දැරියගේ  අසභ්‍ය ඡායාරූප කිහිපයක් ගෙන ඇති අතර එම ඡායාරූප පෙන්වමින් දැරිය ගණිකා සේවයේ යොදවා ඇති බව අනාවරණය වී ඇත

     සැකපිට අත්අඩංගුවට ගත් 35 හැවිරිදි කාන්තාව ද ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි. එම දැරියගේ පියා ජාතික ළමාරක්ෂක අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව ඔවුන්ව  අත්අඩංගුවට ගෙන ඇත.
       
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: 16 හැවිරිදි දැරියක ගණිකා සේවයේ යෙදවූ කතක් සහ ත්‍රිරෝද රථ රියැදුරෙක් කොටුවෙයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top